Local (සිංහල)Health & Safety

පිංසිත් පහදවා මෙම වතාවත් කිරීමෙන් පිංවත් දරුගැබක් ලබාගත හැක.

මාස්ශුද්ධිය සිදු වී දින 03 පසු වී 04 වන දින පිරිසිදුව ස්නානය කර (එදින සිට වෛර සිත් නොමැතිව දැහැමිව නිර්මාංශව තම ස්වාමියා සමඟ සිත් සතුටින් වාසය කිරීම වඩාත් යෝග්‍ය වේ.* නෙයිදුල් භාජනයකට දින 07 කට අවශ්‍ය පරිදි පිරිසිදු ජලය ගෙන එය රතන සූත‍්‍රයේ 05 වන ගාථාව වන

යම්බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයි සුචිං
සමාධිමානන්තරිකඤ්ඤමාහු
සමාධිනාතේන සමෝ න විජ්ජතී
ඉදම්පි ධම්මේ රතනං පණීතං
ඒතේන සච්චේන සුවත්ථි හෝතු

යන්න 108වාරයක් දැහැමි සිත් ඇතිව සජ්ඣායනා කර එම භාජනය හොදින් වසා බුදු මැදුරේ තබන්න. මෙත් සිත් ඇතිව බුදුන් වැද තුන් සුත‍්‍රය, ධජග්ග සුත‍්‍රය, අංගුලිමාල පිරිත, මෝර පිරිත, ඇනවුම් පිරිත, බෝධි වන්දනා ගාථා, දන්ත ධාතූන් වහන්සේ, පත්තිනි මෑණියන්ගේ ගාථා නවග‍්‍රහ ශාන්තිය සජ්ඣායනා කරන්න. අනතුරුව සියලූම දෙවියන්ට සහ මියගිය ඥාතීන්ට පිං අනුමෝදන් කර සියලූ සත්ත්වයන්ට මෙත් වඩා පිංවත් දරුවකු කුසට ආරාධනා කරන්න.

උතුම් වූ බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට මාගේ නමස්කාය වේවාෟ මා විසින් ශ‍්‍රද්ධාවෙන් පිළියෙල කරන ලද උතුම් වූ පූජාව පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට පූජා වේවා. පූජා වේවා..පූජාම වේවා..ඒ උතුම් වූ පූජාවේ බල මහිමයෙන් පිං ලැබීමට කැමති දෙවියන් මියගිය ඥාතීන් සහ පිං තකා මෙලොව පරලොව දෙව්ලොව තුන්ලොව සැරිසරන යම් සත්ත්වයෙක් වේ නම් ඒ සියලූ දෙනාටම මේ පිං අනුමෝදන් වෙත්වා.. දුගතියෙන් මිදී සුගතියෙන් සුගතියට පත්වෙත්වා..

මා කල මේ කුසල් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම උදෙසා හේතු වාසනා වේවා. එකී පිං අනුමෝදන් කිරීමෙන් ලැබෙන්නා වූ ආශිර්වාදයෙන් මා නිදුක් වෙම්වා.. නීරෝගී වෙම්වා.. සුවපත් වෙම්වා.. මෙලොව වසන සියලූ සත්ත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝ්ගී වෙත්වා.. සුවපත් වෙත්වා.. මා ප‍්‍රර්ථනා කරන ආකාරයටම උතුම් වූ දරුවකු මාගේ කුසේ පිළිිසිද ගැනීමට මාගේ කුස නිදුක් වේවා.. නීරෝගී වේවා.. සුවපත් වේවා.. මා විසින් පෙර ආත්ම භාවයකදී හෝ මේ ආත්ම භාවයේදී කල යම් අකුසලයක් වේ නම් ඒ සියල්ල දුරු වී මා කලා වූ පුණ්‍ය කර්මයන් ඉස්මතු වේවා..දාන සීල භාවනා යනාදී මා විසින් මේ ආත්මයේදී සහභාගී වූ දානමය, ශීලමය, පිරිත් දේශනාවන්හි සහ ධර්ම දේශනාවන්හි සවන් දීමේ පිං බලයෙන් මාගේ කුස තුල පිංවත් දරුවකු පිළිසිද ගනිත්වා..මව්කුසක් සොයමින් සසර සැරි සරණ යම් ගන්ධබ්බ ආත්මයක් වේ නම් මා කල කුසල් බල මහිමයෙන් ඒ පිංවත් ගන්ධබ්බ ආත්මයට මවක් වීමට මා හට වාසනාව, ශක්තිය සහ ධෛර්්‍යය ලැබේවා..

ඒ පිං බල මහිමයෙන් මොලොවට මාගේ දරුවකු වී උපත ලබන්නේ නම් උතුම් තෙරුවන් සරණ ගොස් මෙලොව වසනතුරු උතුම් තිසරණයේ ආශිර්වාදය ලබන තිසරණ මාර්ගයේ ගමන් කරන උතුම් වූ පුද්ගලයකු කිරීමට මා විසින් ඇපකැප වන බව නියතයි..එසේ තිසරණ සරණ පැතීමට කැමති ඔබ මාගේ කුස තුල පිළිසිඳ ගනිත්වා. පිළිසිඳ ගනිත්වා.. පිළිසිඳ ගනිත්වා..

යන්න ආශිර්වාද කර බිරිද සහ සැමියා පිරිත් කරන ලද පැන් දෝතට ගෙන පානය කර බිරිද හිස සහ කුසෙහි තවරා දින 07ක් මේ අයුරින් පිංවත් දරුවකුට ආරාධනා කරන්න..සරු දින වල ඉතාමත් සතුටින් එකතුවන්න. දින 07 පසු වූ පසුත් මේ ආකාරයෙන් බුදුන් වැද ආශිර්වාද ලබාගන්න.

ෙදාා්ණයක් ධාතූන් වහන්සේලා වැඩමව සිටින රුවන් වැලි සෑය සහ ජයශ‍්‍රී මහ බෝධීන් වහන්සේට බාරයක් වන්න..පිංවත් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලූ දෙනාගේම කිරිසිහින ඉක්මනින්ම සැබෑවේවා…!සියලූ දෙනාටම තෙරුවන් සරණයි!

මෙම ලිපියේ පිටපතක් මෙතනින් ලබාගන්න

උපුටා ගැනීම : අන්තර්ජාලයෙන්

බෝධි වන්දනා කවි

බුදු පුද ලබාගත් සොද මේ බෝ                  රුකට
මෙය පුද කරන්නේ පිළයෙල කර               සොදට
සියලූම අපල දුරු කරවා දෙන                     ලෙසට
සහනය සලසන්න බෝරජුනේ                   මෙමට

අන්තිම සැපයි බෝ සමිදුගේ සෙවන          මට
මම අසරණයි වෙන්නකෝ සමිදුනි             පිහිට
සියලූම අපල දුරු කැරවා දෙන                    ලෙසට
වැද වැද කියමි පිං ඇති බෝ                         සමිදුන්ට

දෙවියන් බඹුන් වදිනා බුදනා                        බෝධී
කොපමණ වැදුම් පිදුවත් මගේ සිතට         මදි
දැල්වෙන පහන් ආලෝකය සිතෙහි            රැුදී
බුදුහිමි පේනේවා දෙනෙතට බෝමැඩ        දී

බෝපත් පවන් සිලි සිලි හඩ ඇසෙන           විට
මට සිහිවන්නේ බෝ සමිදුන්ගේ                  සතුට
ඉදවැලි තලාවේ බෝමැඩ සෙවන                 යට
තෙල් මල් පුදා වදිනෙමි බෝ                         සමිදුන්ට

බෝ සමිදුන්ගේ මහ ගුණකඳ මොනෙහි    කොට
මාගේ දුක් කියන්නේ සමිදුගේ සෙවන       යට
සිසිලක් වෙලා මගේ දුක නිවනා                  ලෙසට
අයදිමි නමැද මේ ලෙස බෝ                          සමිදුන්ට

මද සුළඟට ලෙල දෙන බෝපත්                   සෙවණේ
ඉදගෙන කියමි මට පිහිටක් වන                 ලෙසිනේ
මහමෙවුනා උයනේ රෝපිත බෝ               රජුනේ
මට සිසිලක් ගෙන දෙයි මේ බෝ                 සෙවනේ

සිලි සිලි හඩ ඇසෙන විට බෝ සෙවන        යට
ගෙනදෙයි සහනේ මාගේ මේ                      අපලයට
සිටිනා විටදි බෝ සමිදුගේ සෙවණ              යට
මගේ දුක නිවෙයි ලැබෙමින් සමිදුගේ         පිහිට

බුදුහිමි නෙතින් පුද ලැබු මහ බෝ              සමිදේ
තේජස් බවක් ඇති බව වැටහෙයි                නිබදේ
පිහිටක් අයැද මා අද කරදර                         මැද්දේ
බෝ සමිදුටයි මගේ දුක කියලා                    වැන්දේ

Tags
Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =

Back to top button
Close