Local (සිංහල)News

මාලදිවයිනේ කොරෝනා රෝගීන් ගණන 1591 ට නගි. වැඩිපිරිසක් බංගලාදේශ් ජාතිකයන්

මාලදිවයිනේ සෞඛ්‍ය  ආරක්ෂණ ඒජන්සිය (HPA) නිවේදනය කර ඇති පරිදි දැනට COVID-19 රෝගීන් 1591 ක් තහවුරු වී ඇත.

HPA වෙබ් අඩවියට අනුව, දැනට හදුනාගත්  රෝගීන්ගෙන් වැඩි පිරිසක් විදේශිකයන්.

ඒ අතර

  • බංග්ලාදේශ ජාතිකයන් – 835
  • මාලදිවයින් ජාතිකයන් – 554
  • ඉන්දියානු ජාතිකයන් – 152
  • නේපාල් ජාතිකයන් – 23
  • ශ්‍රිලන්කිකයන් – 9 දෙනෙකු වේ
Image: health.gov.mv

අධික ජනගහනය සහිත අගනුවර වන මාලේ’ නගරය අප්‍රේල් 15 වන දින සිට අගුලු දමා ඇත. රජය යළි දින 14 ක් සඳහා අගුලු දැමීම (Lock Down) දීර්ග කර ඇත. කෙසේ වෙතත්, දැන් ක්‍රියාත්මක වෙමින් පවතින අදියරයන්හි අගුලු දැමීම (Lock Down) ලිහිල් කිරීමට සැලසුම් කර තිබේ.

අගුලු දැමීම(Lock Down) ලිහිල් කිරීම සැලසුම් කර ඇත්තේ ආර්ථික ක්‍රියාකාරකම් පහසු කිරීම සහ මිනිසුන්ට සාමාන්‍ය මට්ටමට භුක්ති විඳීමට ඉඩ දීම සඳහා ය. අගුලු දැමීම (Lock Down) ලිහිල් කිරීමේ තීරණය වසංගතයේ අවසානය නොවන බවත්, වසංගතයේ තර්ජනය තවමත් පහව ගොස් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල්ලා අමීන් අනතුරු අගවමින් ප්‍රකාශ කර ඇත.

මාලදිවයිනේ වෛරසයෙන් රෝගීන් 197 දෙනෙකු සුවය ලබා ඇති අතර පස් දෙනෙකු මියගොස් තිබේ.

මේ අතර මාලදිවයිනේ සිටින ශ්‍රමිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීම සදහා තවමත් සාදරනයක් ඉටු වී නොමැති බව පැවසේ.

Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + nine =

Back to top button