Local (සිංහල)News
මාලදිවයිනේ සිට පැමිණි 6 දෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහහුරු වේ

මාලදිවයිනේ සිට ආපසු පැමිණි 6 දෙනෙකු කොවිඩ් -19 ආසාදනය වී ඇති බව තහහුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර පැවසීය. මෙම නව ආසාදිතයන් සමඟ රටේ මුළු කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 1895 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, තවත් කොවිඩ් -19 රෝගීන් 55 දෙනෙකු සුවය ලබා ඇති අතර, රටේ මුළු සුවය ලබා ඇති සංඛ්‍යාව 1342 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව සමස්ත ගෝලීය COVID-19 රෝගීන් සංඛ්‍යාව මිලියන 8 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 435,848 දක්වා ඉහළ ගොස් තිබේ.