Entertainment NewsLocal (සිංහල)
Avatar 2 ලබන සතියේ නවසීලන්තයේ නිෂ්පාදනය නැවත ආරම්භ කිරීමට නියමිතය

කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් මාර්තු මාසයේදී Avatar 2 රූගත කිරීම් නතර කරන ලදී. කොරෝනා වයිරස් වසංගතය හේතුවෙන් ලෝකයේ සෙසු රටවල් මෙන්ම නවසීලන්තයද Lockdown කර තිබුනද එහි තත්වය යහපත් අතට හැරී ඇති අතර එමඟින් නිෂ්පාදන කණ්ඩායමට නැවත නිෂ්පාදනය ආරම්භ කිරීමට අවස්ථාව ලබා දී තිබේ.
මේ වන විට එහි නිකුත් කිරීමේ දිනය 2021 දෙසැම්බරය ලෙස නම්කොට ඇත. නිෂ්පාදකයින් එම නිකුතුව කල් දමන්නේද යන්න තවමත් අනාවරණය වී නොමැත.
පළමු Avatar චිත්රපටය 2009 දී එළිදැක්වූ අතර එය Avengers Endgame චිත්රපටය නිකුත් වන තෙක් වැඩිම ආදායමක් උපයාගත් චිත්රපටය විය. Sam Worthington සහ Zoe Saldana එහි චරිත නිරූපණය කරති.