Local (සිංහල)Arts and Crafts

අනාගතයටත් රැකගත යුතු ලාක්ෂා කර්මාන්තය

The Ancient Art of Laaksha (ලාක්ෂා)

ලාක්ෂා කර්මානතය ඈත අතීතයේ සිටම දක්නට ලැබෙන බව කියවේ. ජනප්‍රවාදයට අනුව ශ්‍රි මහා බෝධින් වහන්සේ වැඩම වන අවස්ථාවේ මෙරටට පැමිණි දහ අට කුලයකට අයත් පිරිස් අතර ලාක්ෂා ශිල්පීන් සිටි බව කියවේ. එහෙත් ලාක්ෂා කර්මාන්තයට පහල හපුවිද ප්‍රදේශය සම්බන්ධ වනුයේ මහනුවර යුගයේදී ය. ක්‍රි:ව 1634 දි පමණ දෙවන රාජසිංහ රජුගේ කාලයේදිය. මෙකල රජ මාළිගයට අවශ්‍ය වු ලාකඩවලින් කරන ලද අවිඅතු, බස්කම්, තිරපොලු, ජනෙල් පොලු, මේස, ආදිය ලාකඩවලින් කැටයම් කර ලබා ගැනීමට වු අවශ්‍යතාවය අණ බෙර මගින් ප්‍රසිද්ධ කරන ලද බව කියවේ.

මේ කාලයේ උඩරට රාජධානිය ලාක්ෂා කර්මාන්තයට ප්‍රසිද්ධව තිබිණි. මෙම ලාක්ෂා කර්මාන්තය ද අපූරු කලාවකි. රාජ සමයේ පවා මෙම කර්මාන්තය ප්‍රසිද්ධව තිබුණේ මහනුවරට අමතරව, මාතලේ හපුවිද යන ගම් වන අතර මහනුවර හූරිකඩුව ප්‍රදේශයේය. ඒ ප්‍රදේශයේ මේ කර්මාන්තය අද ද තරමක් දුරට පවත්වාගෙන යයි.මිට පෙර ලාක්ෂා කර්මාන්තයට ලෑලි අබේ පහලහපුවිද ගම්මානයෙන් පවුල් 250 කට වැඩි පිරිසක් සිට ඇත. අද ඇත්තේ ඉතාම අඩු ප්‍රමාණයකි  මේ කර්මාන්තයට පැවැත එන්නේ පරම්පරා නු ගතිකව. දැනට ඉන්නේ 4 වන පරම්පරාවෙන් ලද උරුමයක් ලෙස කරගෙන යන පිරිසය.

කෝන්, මසන්, කැප්පෙටියා, තලකිරිය ආදී ගස්වල වෙසෙන ලාක්ෂා කෘමියාගේ ශරීරයෙන් පිටවන ලාටු විශේෂයක් මගින් ලාක්ෂා ලබාගැනේ. ලාක්ෂා හිරියල් සමඟ මිශ‍්‍ර කිරීමෙන් කහ වර්ණයත්, සාදිලිංගම් සමඟ මිශ‍්‍ර කිරීමෙන් රතු වර්ණයත් ආදී වශයෙන් ලාක්ෂා වර්ණ සාදාගනු ලැබේ. මෙසේ සාදාගන්නා ලද ලාක්ෂා ආලේප කර බුලත් හෙප්පු, සේසත් මිටි, වටාපත් මිටි, බස්තම්, ජනෙල් පොලූ සහ ලී භාණ්ඩ අලංකාර ලෙස මෝස්තර ගැන්වීම කරනු ලබයි. මෙම මෝස්තර ගැන්වීම ප‍්‍රධාන ශිල්පක‍්‍රම දෙකක් යටතේ සිදුකෙරේ. එනම් නියපොතු වැඩ සහ පට්ටල් වැඩයි.

නියපොතුවැඩ මහින්දාගමනයෙන් පසු ශ්‍රි මහා බෝධීන් වහන්සේ වැඩම වන අවස්ථාවේ පැමිණි අටලොස්කුල ශිල්පීන්ට සම්බන්ධය. එම පරම්පරාවේ පිරිස්ක් මාවනැල්ල දනාගමුවේ සිට රජවාසලට අවශ්‍ය උපකරණ සපයා ඇත. පහල හපුවිද පැමිණි පුසුබු අප්පු දනාගමුවේ පරම්පරාවේ කෙනෙකු බව පැහැදිලිය. හැරමිටි, බස්තම්, සේසත්, අවුඅතු, මිටි, තිරපොල, බටනලා, කැට, හැදි, ආභරණ පෙට්ටි, පුටු, බංකු, ඇදන්, තොටිලි, දුණු, ඊතල, සන්නස් කොපු, ආදිය නියපොතු වැඩ ලෙස සැළකේ.

පට්ටල් වැඩ 1927 ශ්‍රි ලංකාවෙන් ඉන්දියාවේ ලාහෝර්වලට ගිය පිරිසක් පුහුණුව ලබා ඇත. පහල හපුවිද ප්‍රදේශයේ සිටි කේ.එච්  අබේවර්ධන නැමැත්තා ද ඒ පිරිස සමග ගොස් පුහුණුව ලබා ඇත. හදුන් කූරු ස්ටැන්ඩ්, ඉටි පන්දම් ස්ටැන්ඩ්, අළු බදුන්, පවුඩර් පෙට්ටි, ආභරණ පෙට්ටි, ස්ටූල්, කේක් පෙට්ටි,

ලාක්‌ෂා ශිල්පිහු ඉතා වෙහෙසකර කටයුතු රාශියක්‌ මැද තම නිර්මාණ එළිදැක්‌වීම සිදුකරති. උසස්‌ තත්ත්වයේ භාණ්‌ඩ නිෂ්පාදනය උදෙසා මෙකී සම්ප්‍රදායික ශිල්ප ක්‍රමවේදය කෙරෙහි ඔවුන් දක්‌වන්නේ මහත් ගෞරව සම්ප්‍රයුක්‌ත භක්‌තියකි. විවිධ දුෂ්කරතා මැද මෙම ශිල්පක්‍රම වර්තමානය  දක්‌වා රැගෙන ඒම භාග්‍යයකි. එකී ශිල්පක්‍රම එකිනෙකට බද්ධ වූ සංකීර්ණ ක්‍රියාදාමයකි.

මෙම ගම්මාන නැරඹීම විස්මිත අත්දැකීමකි. ඔබේ අගය කිරීම සහ මිලදී ගැනීම් මෙම කලාකරුවන්ට අත්‍යවශ්‍ය දිරිගැන්වීමක් ලබා දෙන අතර මෙම කුසලතා ලබා ගැනීමට තරුණයින් දිරිමත් කිරීමෙන් මෙම විශිෂ්ට ශ්‍රී ලාංකික ශිල්පය පවත්වා ගෙන යාමට සහ සංවර්ධනය කිරීමට උපකාරී වේ.

Tags
Show More

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 10 =

Back to top button
Close